මහ මැතිවරණයට අදාළ ව පැමිණිලි 257ක්

මහ මැතිවරණයට අදාළ ව පැමිණිලි 257ක්

October 17, 2024   07:45 pm

මහ මැතිවරණයට අදාළ ව මේ වන තෙක් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 257ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිසම දක්වා ඇත්තේ ලැබී ඇති පැමිණිලි සියල්ල නීති උල්ලංඝනය කිරීම් බවය.

ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලි 181ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 76ක් සම්බන්ධව කටයුතු සිදුකෙරෙමින් පවතින බවද එම නිවේදනයේ සඳහන්ව තිබේ.