ඝාතන සැකකරුවන් 5ක් අත්අඩංගුවට

ඝාතන සැකකරුවන් 5ක් අත්අඩංගුවට

October 16, 2024   10:38 am

ජාඇළ, ඒකල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඒකල ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බවය.

ඝාතනය සිදුකළ සැකකරු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සඳහා යොදාගත් මන්නා පිහි දෙකක් සහ මුගුරු කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 22,33,45,48 හා 65 යන වයස් සීමාවල පසුවන ජාඇළ ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලීසිය පවසයි.