කාසියේ වාසිය ශ්‍රී ලංකාව ට

කාසියේ වාසිය ශ්‍රී ලංකාව ට

October 15, 2024   06:45 pm

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමසමත් විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 5කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය තරග 3කින් සමන්විතය.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබේ.

ඒ චමිදු වික්‍රමසිංහ සහ අසිත ප්‍රනාන්දු වෙනුවට අද තරගයට දුනිත් වෙල්ලගේ සහ වේගපන්දු ක්‍රීඩක නුවන් තුෂාර කණ්ඩායමට ඇතුළත් කර ඇත.