පාසල් සිසුන් ඇතුළු පස්දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර
සයුරෙන් එතෙර

පාසල් සිසුන් ඇතුළු පස්දෙනෙකුට මරු කැඳවූ රිය අනතුර

October 14, 2024   04:49 pm

ඉන්දියාවේ කාන්පූර්හි සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් 04 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් හදිසියේ තිරිංග තද කිරීම නිසා පසුපසින් පැමිණි මෝටර් රථයටද තිරිංග තද කර ඇති අතර එහි දී අවාසනාවන්ත ලෙස වාහන දෙකටම පිටුපසින් පැමිණි ට්‍රේලරයක් මෝටර් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

අනතුර සිදු වූ ස්ථානයේදීම මෝටර් රථයේ රියදුරු සහ එහි ගමන් ගත් සිසුන් 04 දෙනෙකු මියගොස් තිබේ.

මෝටර් රථයට සිදු වූ දැඩි හානිය නිසා එහි සිටි සියලුදෙනා රථයට සිරවී සිට ඇති අතර මළ සිරුරු ලබාගැනීමට මෝටර් රථය කපා වීදුරු කුඩු කිරීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ටිපර් රථයේ සහ ට්‍රේලරයේ රියදුරන් අනතුර සිදු වූ අවස්ථාවේ එම ස්ථානයෙන් පළා ගොස් තිබුණි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එරට ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.