බහින්බස්වීම ඝාතනයකින් කෙළවර වෙයි 

බහින්බස්වීම ඝාතනයකින් කෙළවර වෙයි 

October 14, 2024   04:46 pm

ජාඇළ, ඒකල ප්‍රදේශයේ දී අද (14) දහවල් පුද්ගලයෙක් ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.

දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම පුද්ගලයාගේ ගෙලට තියුණු ආයුධයකින් පහරදී එම ඝාතනය සිදුකර තිබුණි.

ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ජාඇළ පොලීසිය මගින් සිදු කරයි.