අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවදානම දීර්ඝ කෙරේ

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අවදානම දීර්ඝ කෙරේ

October 13, 2024   11:35 am

අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය 11 වන දින පෙරවරුවේ නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබේ.

ඒ අනුව ඉදිරි පැය 48 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව ඉදිරි පැය 48 සඳහා දෙහිඕවිට, දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන, සහ වත්තල පහත් බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම මාර්ග හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කර ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.