ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා සිටින සිරමැදිරි පිටුපස තිබී සොයගත් දේ

ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා සිටින සිරමැදිරි පිටුපස තිබී සොයගත් දේ

October 13, 2024   11:08 am

සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන "ගනේමුල්ල සංජීව" හා "වෙලේ සුදා" රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.

විශේෂ කාර්ය බළකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (13) දිනයේ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ සිරමැදිරි කිහිපයක හදිසි සෝදීසි කිරිමක් සිදුකර තිබුණි.

එහි දී සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබී ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගත් බව විශේෂ කාර්යය බළකාය පැවසීය.

සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා රඳවා සිටින සිරමැදිරියේ පිටුපස සඟවා තිබීයදී ද දුරකතන උපාංග කිහිපයක් සොයාගන තිබේ.

සොයාගත් දුරකතන සහ උපාංග වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කළ බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය.