වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

October 10, 2024   11:07 am

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවය. 

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියකි.

වැඩබලන අගවිනිසුරුවරිය 1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර 1997 වසරේ දී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණි.

ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියකි.