උපහාරය...

උපහාරය...

October 8, 2024   06:12 pm

ඔක්තෝබර් මස 10 වන දිනට යෙදි ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදා⁣වේ 75 සංවත්සර  දිනය නිමිත්තෙන්  රට ජාතිය වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කළ යුද්ධ හමුදා රණවිරුවන් සිහිකිරිම ඊයේ (07) දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී සිදු කරන ලදී.

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මහතා මෙම සැමරුමේ ප්‍රධාන අරාධිතයා ලෙස සහභාගි වු අතර, එහිදි ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට ජාතිය ආරක්ෂා කිරීම සඳහා ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් සිහිකිරීම සඳහා විනාඩි දෙකක නිශ්ශබ්ධතාවයක් පවත්වා උපහාර දක්වන ලදි.

අනතුරුව  යුද්ධ හමුදාපතිවරයා සමරු ස්මාරකයට පුෂ්පෝපාහාර දක්වා අනුස්මරණ කළේය. 

යුද හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් රෙජිමේන්තු අධිපතිවරුන් මියගිය රණවිරුවන් සිහිකරමින් පුෂ්පෝපාහාර දැක්වු අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ  හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ඇතුලු යුද්ධ හමුදා ජේෂ්ඨ නිලධාරීන් හා  සමාජිකයින් සහභාගි විය.