පොහොට්ටුවෙන් සම්මුඛ පරීක්ෂණ

පොහොට්ටුවෙන් සම්මුඛ පරීක්ෂණ

October 5, 2024   09:45 pm

ඉදිරි මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් නාමයෝජනා ලබාදීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ අද (05) එම පක්ෂ කාර්යාලයේදී පැවැත් වුණි.

මේ අතර එළැඹෙන මහමැතිවරණයේ දී පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමට පමණක් නව සන්ධාන බිහිකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් වැඩිකර ගැනීමේ අරමුණින් නව සන්ධාන බිහිකිරීමේ අරමුණක් නොමැති බව ඔවුන් සඳහන් කළේය.

එළැඹෙන මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා සකස් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරන අතර ඉදිරි දිනවලදී සියලු දිස්ත්‍රික්ක වෙනුවෙන් නාමයෝජනා භාරදීම් කටයුතු සිදුකිරීමට නියමිතය.