කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්

October 1, 2024   03:36 pm

කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) දිනයේ ඒකක 137.86 කින් ඉහළ ගියේය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,992.91 ක් ලෙස සටහන් වුණි.

දිනයේ පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 3.5ක් වශයෙනි.