මයාන්ක් යාදව් ඉන්දීය පිලට කැඳවයි

මයාන්ක් යාදව් ඉන්දීය පිලට කැඳවයි

October 1, 2024   12:37 pm

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත 20-20 ජාත්‍යන්තර තරගාවලියට සඳහා ඉන්දීය සංචිතය නම් කර තිබේ.

සූර්යකුමාර් යාදව්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය.

එම තරගාවලිය ඔක්තෝබර් 6 වනදා ඇරඹෙයි.

2024 ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඉතා වේගයෙන් පන්දුයවමින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් පන්දු යවන්නෙකු වන මයාන්ක් යාදව් ද ඉන්දීය සංචිතයට පළමු වරට නම් කර තිබිම විශේෂත්වයකි.

2021 වසරේදී අවසන් වරට 20-20 ජාත්‍යන්තර තරගාවලියක් ක්‍රීඩා කර ඇති දග පන්දු යවන ක්‍රීඩක වරුන් චක්‍රවර්තීද ඉන්දීය සංචිතයට යළි කැඳවා තිබේ.

මෙම ඉන්දීය සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය.

ශුබ්මන් ගිල්, යශස්වි ජයිස්වාල්, රිෂාබ් පාන්ට්, අක්සාර් පටෙල් සහ මොහොමඩ් සිරාජ් යන ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා විවේක ගන්වා තිබේ.

ඔවුන් වෙනුවට ඉන්දීය සංචිතයට ආදේශ කර ඇත්තේ නිටිෂ් කුමාර්, අභිෂේක් ෂර්මා හා හර්ෂිත් රානා යන ක්‍රීඩකයින්ය.