නස්රල්ලා සොයා ආ කිලෝ 900ක බෝම්බය
සයුරෙන් එතෙර

නස්රල්ලා සොයා ආ කිලෝ 900ක බෝම්බය

September 30, 2024   03:45 pm

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය සඳහා භාවිත කළ බෝම්බය සම්බන්ධයෙන් අමෙරිකානු සෙනෙට් මණ්ඩල සාමාජිකයෙක් තොරතුරු හෙළිදරව් කර තිබේ.

අමෙරිකානු සෙනෙට් මණ්ඩල සාමාජික මාක් කෙලි පවසා ඇත්තේ ඊශ්‍රායලය විසින් අමෙරිකාවේ නිෂ්පාදිත කිලෝ 900ක් පමණ බරකින් යුත් (Mark 84 series) බෝම්බයක් එම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති බවයි.

හිස්බුල්ලා මූලස්ථානය ඉලක්ක කර පසුගියදා එල්ලකළ එම ප්‍රහාරයෙන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්වූ බව ඊශ්‍රායලය සෙනසුරාදා තහවුරු කළේය.  

පසුගිය සිකුරාදා එල්ලකළ එම ප්‍රහාරයෙන් හිස්බුල්ලා නායකයා සමග සිටි තවත් 20 දෙනෙක් පමණ මරණයට පත්ව තිබුණි. 

ඊශ්‍රායලයට ආයුධ සපයන රටවල් අතුරින් අමෙරිකාව ඉදිරියෙන්ම සිටියි.