ගණේමුල්ල සංජීව ගේ සිර මැදිරිය හදිසි පරික්ෂාවකට 

ගණේමුල්ල සංජීව ගේ සිර මැදිරිය හදිසි පරික්ෂාවකට 

September 21, 2024   10:27 am

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන ගණේමුල්ල සංජීව ගේ සිර මැදිරිය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් හදිසි පරික්ෂාවකට ලක්කර තිබේ.

එහිදී ගණේමුල්ල සංජීව විසින් ඔහු සඟවා ගෙන සිටි නවීන ජංගම දුරකථනයක් පොළොවේ ගසා විනාශ කර තිබුණි.

එම උපාංගය විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඔවුන්ගේ බාරයට ගෙන ඇති අතර එම දුරකථනයේ සිම්පත හමුවී නොමැත.