ඉන්දියාවෙන් මාලදිවයිනට සහනයක්
සයුරෙන් එතෙර

ඉන්දියාවෙන් මාලදිවයිනට සහනයක්

September 20, 2024   11:08 am

මාලදිවයින් රජයේ ඉල්ලීම මත තවත් වසරක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50ක භාණ්ඩාගාර බිල්පත් කාලය දීර්ඝ කරමින් ඉන්දියාව මාලදිවයින් රජයට අයවැය සහායක් ලබාදී තිබේ.

මාලදිවයිනේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඒ බව නිවේදනය කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මාලදිවයින සඳහා ඉන්දියාව මෙම වසරේ ලබා දුන් දෙවන සහනය මෙය බවය.

මීට පෙර 2024 මැයි මාසයේදී ද මාලදිවයින් රජයේ ඉල්ලීම මත සහනයක් හිමිවිය.