අපිට උවනාමක් තියෙනවා මේ රට මීට වඩා පොහොසත් කරන්න - අනුර

අපිට උවනාමක් තියෙනවා මේ රට මීට වඩා පොහොසත් කරන්න - අනුර

September 13, 2024   10:02 pm

රටත්, ජන ජීවිතයත් උසස් කරන ආණ්ඩුවක් සාදන බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මොනරාගල පැවැති ජනරැලියකට අද (13) උදෑසන එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

"අපිට හාස්කම් පෙන්නන්න පුළුවන් ද? අපි මැජික්කාරයෝ ද? අපි ඉන්ද්‍රජාලිකයෝ ද? නෑ. හැබැයි අපිට උවනාමක් තියෙනවා මේ රට මීට වඩා පොහොසත් රටක් බවට පත්කරන්න. මේ රටේ ජනතාවගේ ජීවිතය මීට වඩා උසස් ජීවිතයක් බවට පත්කරන්න. අපි ඒ සඳහා පොරබදන්නම්. ඒ සඳහා අවශ්‍ය වන වැඩපිළිවෙල අපි හදලා තියෙන්නේ. එය ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් මිනිස්සු අපි ළඟ ඉන්නවා. දැන් අපි ආණ්ඩුව විදියට අපේ වැඩ ටික කරලා පෙන්නනවා. ඔයගොල්ලෝ මොකද කරන්නේ ? ඔයාලත් උදව් කරන්න ඕනේ. ලෑස්ති ද ? අපි වගා කරමු. මේ අපි හදන්න හදන්නේ රටේ තීරණාත්මක ආණ්ඩුවක්. මේ හැදෙන්නේ රටත් ජනතාවත් ගොඩදාන ආණ්ඩුවක්. අපි කවුරුත් පුටු බලාගෙන දේශපාලනය කරේ නෑ. අපි ඔය පුටු ගනන්ගන්නෙත් නෑ. සමහරුන්ට ජනාධිපති පුටුව මාර ලොකුයි. අපිට නම් නෑ... හොරකම් කරපු අයගේ දේපොළ පවරා ගන්නවා."