ශිෂ්‍යත්වයට මුහුණදුන් දරුවන්ට සජිත්ගෙන් සහනයක්

ශිෂ්‍යත්වයට මුහුණදුන් දරුවන්ට සජිත්ගෙන් සහනයක්

September 18, 2024   10:30 am

මෙවර 5 ‍ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් දරුවන්ට සිදුවූ අසාධාරණය තම රජයක් යටතේ නිවරදි කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කෑගල්ල ප්‍රදේශයේ ජන රැලියට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

"රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා එයාට පුළුවන්ළු. දැන් පුළුවන් පුද්ගලයාට බැහැ තමන්ගේ යටතේ තියෙන ආණ්ඩුවේ 05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය ලීක් වෙන්නේ නැතුව තියාගන්න. දැන් මොකක්ද වෙලා තියෙන්නේ, ලීක් වුණු ප්‍රශ්න තුන ඉවත් කරනවාලු. ශිෂ්‍යත්වයට මුහුණ දුන්න ලක්ෂ සංඛ්‍යාත දූ පුතුන්ට කරන බරපතළ අසාධාරණයක්. මම ඔබට කියන්න කැමැතියි මේ ලීක් වෙන... මේ අධ්‍යාපනයේ නිර්මාණය වී තිබෙන විභාග ප්‍රශ්නපත්‍ර ලීක් වීමේ කුමන්ත්‍රණය අපි හොයා බලනවා. ඒ දේ කරපු අයට ගන්න පුළුවන් බරපතළම තීන්දුව අපි ගන්නවා. මම කියන්න කැමතියි ජනාධිපතිවරයාට ඔබ  කරන හැමදේම ලීක් වෙනවා. ලීකේජ් එක නතර කරගන්න. ඒ ශිෂ්‍යත්වයට මුහුණදුන් මේ දූ දරුවන්ට සිදුවුණ අසාධාරණය අපේ ආණ්ඩුවක් යටතේ නිවැරදි කරනවා."