ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

September 12, 2024   04:07 pm

එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මට්ටමක සිටියද, බලාපොරොත්තු වූ දක්ෂතා ඉදිරිපත් කිරීමට නොහැකිවීම නිසා තරගාවලිය ජයග්‍රහණය කිරීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පැවසීය.

තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා එංගලන්තයේ තරග සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (12) පස්වරුවේ යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී ධනංජය මේ බව පවසා සිටියේය.

මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පරාජය භාරගැනීමට සිදු වුවද, ඔවුන්ට වසර 10කට පසුව එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග ජයක් ලැබීමට හැකිවිය.

එංගලන්ත තරගාවලිය ගැන වැඩිදුරටත් අදහස් දැක් වූ නායක ධනංජය ද සිල්වා,

"අපි හොඳ මට්ටමක හිටියා. නමුත් අපේක්ෂාකළ විදියට තරගාවලිය ජයග්‍රහණය කරන්න බැරිවුණා. නමුත් අන්තිම තරගය ජයග්‍රහණය කළ එක ලොකු සතුටක්. එංගලන්තයට එරෙහිව වසර 10කට පසු ටෙස්ට් ජයක් ලැබීම ලොකු ජයග්‍රහණයක්. පළමු තරග දෙක අපි හොඳින් ක්‍රීඩාකළත්, ප්‍රතිඵලය අපේ පැත්තට ආවේ නැහැ. නමුත් අන්තිම තරගයේදී අපට එක කරගන්න පුළුවන් වුණා".