නිල ඡන්ද පත්‍රිකා සියයට 77ක් බෙදා අවසන්

නිල ඡන්ද පත්‍රිකා සියයට 77ක් බෙදා අවසන්

September 12, 2024   02:26 pm

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 77% පමණ මේ වන විට බෙදාහැර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මේ වන විට එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැර ඇති බවය.

හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද නිවෙස්වලට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදුකරන බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේය.

සෙනසුරාදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණහොත් ලබන 18 වන දිනෙන් පසු තම ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර තම ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබා ගැනීමේ හැකියාව පවතින අතර මැතිවරණ දිනය තෙක් ඒ සදහා අවස්ථාව සලසා ඇති බවත් ඔහු පැවසුවේය.