ඉන්දියාවේදී වැඩ පෙන්වූ අපේ පොඩ්ඩෝ 

ඉන්දියාවේදී වැඩ පෙන්වූ අපේ පොඩ්ඩෝ 

September 11, 2024   08:56 pm

සිව්වැනි වරටත් පැවැත්වෙන දකුණු අසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේ චෙන්නායි නුවරදි ඊයේ ආරම්භ විය.

එහිදි පළමු දිනයේදීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා අතරට පැමිණිමත් කැපී පෙනුනි.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙනු පළමු රන් පදක්කම දිනා දෙන්නට කාන්තා මීටර 800 අවසන් තරගයට සහභාගී වු තරුෂි අභිෂේකා සමත් වුණාය.

ඒ තරගය මිනිත්තු 2යි තත්ත්පර 10යි දශම 17කින් අවසන් කරමිනි.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම තරගය මිනිත්තු 2යි තත්ත්පර 12යි දශම 13කින් අවසන් කළ ශ්‍රී ලංකාවේ සංසලා හිමාෂනි දිනාගත්තාය.

මේ අතර පිරිමි මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම ද දිනා ගන්නට ශ්‍රී ලංකාවේ සවිදු අවිශ්ක සමත් විය.

ඒ තරගය මිනිත්තු 1යි තත්ත්පර 49යි දශම 83කින් අවසන් කරමිනි.

තරගයේ ආරම්භයේ පටන් සවිදුට අභියෝගයක් එල්ල කරන්නට ඉන්දියානු ක්‍රීඩකයින් දෙදෙනා සමත් වුවත් තරගයේ අවසන් මීටර කිහිපයේදී තරගයේ ප්‍රතිඵලය වෙනස් කරන්නට සවිදු සමත් වුණේ ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දෙමිනි.

මේ අතර කාන්තා උස පැනීමේ ඉසව්වේ ද රිදී පදක්කම දිනා ගන්නට කෂ්මිකා තිමේෂී සහ නේත්‍රා සමාධි සමත් වී තිබුණි.

ඒ මීටර 1යි දශම 65ක උසක් වාර්තා කරමිනි.

මෙහි රන් පදක්කම ඉන්දියානු ක්‍රීඩිකාව දිනාගත්තාය.