මෝදි යුක්‍රේනය ට
සයුරෙන් එතෙර

මෝදි යුක්‍රේනය ට

July 27, 2024   11:57 am

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ප්‍රථම වතාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ කියුව් හි සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ මැතිවරණයෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි තෙවැනි වරටත් බලයට පත්වූ දිනයේ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි ඔහුට සුබ පතමින් යුද්ධයෙන් විනාශ වූ රට නැරඹීමට පැමිණෙන ලෙස කළ ආරාධනයකට අනුව මෙය සිදුවන බවය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි අතර හමුවක් ඉතාලියේ G7 සමුළුවට සමගාමීව මීට මාසයකට පෙර සිදුවුණි.

යුද්ධය ආරම්භ වූ දා සිට එය විසඳිය හැක්කේ සංවාදයෙන් සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් පමණක් බව ඉන්දියාව ප්‍රකාශ කළ අතර ඕනෑම සාම ප්‍රයත්නයකට දායක වීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.