ශ්‍රී ලංකාව අවසන් තරගයට

ශ්‍රී ලංකාව අවසන් තරගයට

July 26, 2024   10:17 pm

ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (26) සමත් වුණි.

ඒ පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් තීරණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දීමටය.

ඒ අනුව පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කළේය.

ලකුණු 141ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඕවර 19.5කදී කඩුලු 7ක් දැවී ලකුණු 141ක් ලබාගනිමින් තරගයේ තියුණු ජයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 48ක දී ලකුණු 63ක් ලබා ගත්තාය.

අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 24ක් ලබා ගත්තාය.

පාකිස්තානය වෙනුවෙන් Sadia Iqbal ලකුණු 16කදී කඩුලු 4ක් දවා ගත්තාය.