අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට...

අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට...

July 8, 2024   01:08 pm

අද (08) උදෑසන අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබේ.

අතුරුගිරිය නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගියේය.

එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබූ අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවාද ඒ අතර වේ.

අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුරදී වෙඩි තැබීම සිදුව තිබුණි.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු වහාම හෝමාගම රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

ක්ලබ් වසන්ත රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබූ අතර පසුව තවත් අයෙක් මියගියේය.

වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් පැමිණි වාහනය බව පැවසෙන වාහනය අසල CCTV කැමරාවක සටහන්ව තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

එම දර්ශන ඉහතින් දැක්වේ.