මිත්තණියගේ ඝාතනය ට මුනුපුරාගේ තරුණ බිරිඳ අත්අඩංගුවට

මිත්තණියගේ ඝාතනය ට මුනුපුරාගේ තරුණ බිරිඳ අත්අඩංගුවට

July 8, 2024   10:12 am

ඇත්ගාල උලපනේ ප්‍රදේශයේදී මහලු රෝගී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

ඊයේ (07) අළුයම මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

එලෙස ඝාතනය කර ඇත්තේ 78 හැවිරිදි උලපනේ ප්‍රදේශයේ ම පදිංචිව සිටි මහලු කාන්තාවකි.

මෙම ඝාතනයට ලක්වූ කාන්තාව ඇයගේ  මුනුපුරා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග එකම නිවසේ ජීවත්ව සිට තිබුණාය.

නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් මුනුපුරාගේ බිරිඳ විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම අවස්ථාවේ එම පුද්ගලයා නිවසේ සිට නොමැති බව පසුව අනාවරණය වී ඇත.

ඝාතනය සම්බන්ධ‍යෙන් 32 හැවිරිදි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

ඇත්ගාල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.