රුසියාවේ ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක්

රුසියාවේ ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක්

July 7, 2024   05:35 pm

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාවේ ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

එරට වොරෝනෙෂ් කලාපය වෙත එල්ල කළ යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියානු ආරක්ෂක පද්ධතිය විසින් ඩ්‍රෝන රැසක් බිම හෙළා ඇති අතර ඉන් එක් ප්‍රහාරයක් හේතුවෙන් යුද්ධ උපකරණ ගබඩාවක ගින්නක් ද හටගෙන ඇත.

මෙම තත්ත්වය තුළ අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව තාවකාලිකව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව වාර්තා වේ.