හසරංග පිත්තෙන් වැඩ පෙන්වයි

හසරංග පිත්තෙන් වැඩ පෙන්වයි

July 7, 2024   04:50 pm

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් මාර්වල්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබාගත්තේය.

ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් ලකුණු 50ක් ලබාගත් අතර නායක වනිඳු හසරංග පන්දු 32කට නොදැවී ලකුණු 65ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 30කට කඩුලු 3ක් දවාගත් අතර සහූර් ඛාන් ලකුණු 29කට කඩුලු 2ක් දවාගත්තේය.