LPL පිටිය පුදුමකළ ආන්දෝලනාත්මක සිද්ධිය

LPL පිටිය පුදුමකළ ආන්දෝලනාත්මක සිද්ධිය

July 7, 2024   02:05 pm

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග දෙකක් ඊයේ (06) දඹුල්ලේදී පැවැත්වුණි.

එම තරගවලින් ජය වාර්තා කරන්නට කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් සමත් විය.

ඉන් පළමු තරගය පැවැත්වුණේ කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතර ය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 199ක් රැස් කළේය.

ලකුණු හඹා යාමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ හත්වැනි පන්දුවාරයේදී මොහොමඩ් හරිස් එල්ල කල පහරක් චාමික කරුණාරත්න විශිෂ්ට ලෙස රැක ගත් අතර නමුත් තෙවැනි විසිසුරු තීරණය කළේ එය දැවී යාමක් නොවන බවයි.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 20ක් අවශ්‍යව තිබූ අතර එහිදි පන්දු 3කට ලකුණූ 16ක් රැස් කරමින් ඇන්ජලෝ මැතිව්ස් කැන්ඩි පිලට ජයග්‍රහණයේ බලාපොරාත්තු රැගෙන ආවේය.

ඒ අනුව අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් අවශ්‍යව තිබුණත් එම පන්දුවේදී මැතිව්ස් දුවද්දී දැවීගියේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 2ක තියුණූ ජයක් හිමිකර කර දෙමිනි.

මේ අතර තරගයෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතට අත දීමේදී කැන්ඩි නායක වනිඳු හසරංග, චාමික කරුණාරත්නට අතට අත දීම ප්‍රතික්ෂේප කිරීම මේ වන විට කාගෙත් කතා බහට ලක්වී තිබේ.