ආදායම් වාර්තා තැබු චිත්‍රපට නිෂ්පාදකයා දිවියට සමුදෙයි

ආදායම් වාර්තා තැබු චිත්‍රපට නිෂ්පාදකයා දිවියට සමුදෙයි

July 7, 2024   12:19 pm

ලොව ආදායම් වාර්තා තැබූ ටයිටැනික් සහ අවටාර් යන චිත්‍රපට වල නිෂ්පාදකයා වූ ඔස්කාර් සම්මානලාභී ජොන් ලැන්ඩව් ජීවිතක්ෂයට පත්වී තිබේ.

මියයන විට ඔහු 63 වන වියේ පසුවිය.

ඔහු පසුගිය වසර පුරාවට පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි බව සඳහන් ය.   

ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයුරිය වන ටීනා පවසා ඇත්තේ "ගැහැණු ළමයෙකුට හිමිවිය යුතු හොඳම සහෝදරයා.." ඔහු බවයි.