අද රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක්

අද රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක්

July 4, 2024   05:21 pm

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල සීමාව, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව දැනුම්දෙයි.

අද (04) රාත්‍රී 9 සිට හෙට (05) පස්වරු 3 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් මීට හේතුවී තිබේ.