පාසල් ළමයෙකු ව අපයෝජනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

පාසල් ළමයෙකු ව අපයෝජනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

July 4, 2024   12:44 pm

යුක්තිය 2 මෙහෙයුමට සමගාමීව සෝදිසි මෙහෙයුමක් අද (04) උදෑසන අම්බලන්ගොඩ ආඳාදොළ ප්‍රදේශයේදී සිදුකළේය.

ඒ සඳහා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එක්වුණි.

එම මෙහෙයුමේදී පාසල් ශිෂ්‍යයෙක් අපහරණය කිරීම සම්බන්ධයෙන් සොයමින් සිටි සැකකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.

ඊට අමතරව එම මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 5 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබුණි.