ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

July 2, 2024   06:02 pm

තමන් ජූලි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පවසයි.

මේ වනවිට එම සමාගම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කටත්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටත් අලෙවි කරනු ලබයි.

මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහළ දැමේ.

ඒ අනුව අඛණ්ඩව අප්‍රෙල්, මැයි සහ ජුනි මාසවලට අමතරව මෙම මාසයේදීත් මෙලෙස ගෑස් මිල ගණන් අඩු කිරීමට ඔවුන් පියවර ගෙන ඇත. 

මාසිකව සිදුකෙරෙන මිල සංශෝධනයට අනුව ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම අද කටයුතු කළේය.

ඒ අනුව ලිට්‍රෝ සමාගමෙහි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 3,690කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 1,482කි.

කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18 කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 694කි.