ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් 

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් 

July 2, 2024   09:49 am

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සහ අන්තර්ගතය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. 

එහි සාරාංශය...

* ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇරඹුවා...

* ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් 

* ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැපකිරීම් කළ යුතුයි...එය වේදනාකාරියි.

* ණයහිමියෝ අපි කියන දේම කරන්න එකඟ වෙන්නේ නෑ...

* අපේ ප්‍රකාශ කරන සමහරුන්ට ජාත්‍යන්තර ආර්ථික ක්‍රමවේද ගැන අවබෝධයක් නෑ කියලා පෙනෙනවා...

* අපේ ණය තිරසරභාවයක් නොමැති බව IMF කිව්වේ අපි අමාරුවේ වැටෙන්නත් කලින්...

* IMF අනුගමනය කරන ක්‍රමවේදය රටකින් රටකට වෙනස්...

* 2032ක වනවිට රාජ්‍ය ණය 95%ක් දක්වා අඩුකර ගත යුතුයි...

* ප්‍රතිව්‍යුහගතකරණ අභියෝගයන්ට මුහුණදුන්නේ වර්තමානයේ පවතින භූ දේශපාලන ප්‍රවණතා මධ්‍යයේ..

* ඉලක්ක වෙත යාම ලෙහෙසි පහසු වුණේ නෑ...

* IMF වැඩසටහන ආරම්භකර මාස 15කදී පමණ ණය ප්‍රතිව්‍යුහගතකරණ කරගත හැකිවීම ජයග්‍රහණයක්...

* මූලික ණය නැවත ගෙවීම සඳහා 2028 දක්වා සහන කාලයක් 

* පොලී අනුපාතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර තිබෙනවා (2.1%කට අඩු මට්ටමක්)...

* ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8කින් දීර්ඝ කර තිබෙනවා. ඒ කියන්නේ 2043 දක්වා...

* ඩොලර් බිලියන 5ක ණය සේවාකරණයක් ශ්‍රී ලංකාවට ඉතුරු වෙනවා...

ජනපතිගේ විශේෂ ප්‍රකාශයේ සජීවී විකාශය ඉහළින්...