යතුරුපැදියේ ගිය මාරක ගමන 

යතුරුපැදියේ ගිය මාරක ගමන 

July 2, 2024   09:45 am

ගලේවෙල පොලිස් වසමේ ඒ-06 මාර්ගයේ කුරුණෑගල දෙස සිය දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ මංතීරු වෙන් කිරීමට යොදා ඇති කොටසක ගැටී සිදුවූ අනතුරකින් දෙදෙනකු මියගොස් තිබේ.

එම අනතුරු සිදුවන අවස්ථාවේදී යතුරුපැදිවේ තිදෙනෙතු ගමන් කර ඇති බව පොලීසිය පවසයි.

එක් පසු පැදිකරුවෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් මියගොස් ඇත්තේ, ලග්ගල හා මාතලේ ප්‍රදේශවල පදිංචිව සිටි වයස අවුරුදු 29 හා 40ක් වූ පුද්ගලයින් දෙදෙනෙකි.

මේ අතර කුරුණෑගල - පුත්තලම මාර්ගයේ කෙළිමුණේ ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 24 හැවිරිදි තරුණයෙක් ජීවිත්කෂයට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.