අනතුරකින් ඊශ්‍රායෙල් ජාතිකයෙක් මරුට

අනතුරකින් ඊශ්‍රායෙල් ජාතිකයෙක් මරුට

July 2, 2024   09:08 am

පොතුවිල් - අක්රපත්තුව මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් ඊශ්‍රායල් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (07) එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

පොතුවිල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක පසුපස ගැටී එම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 23 හැවිරිදි ඊශ්‍රායල් ජාතිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.