මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

July 2, 2024   08:04 am

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළේ බම්බලපිටිය සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඩි ගොස් ඇති බවය.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයක පමණක් සිදුවන බැවින් දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.

එම මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.