සොරකම් කළ යතුරුපැදියෙන් ගොස් මාල කැඩූ දෙදෙනා

සොරකම් කළ යතුරුපැදියෙන් ගොස් මාල කැඩූ දෙදෙනා

June 30, 2024   03:37 pm

තරුණ රාජ්‍ය නිලධාරියෙක් ට අයත් රුපියල් ලක්ෂ 4ක් වටිනා යතුරුපැදියක් සොරකම් කර එම යතුරුපැදියෙන් ගොස් රන් මාල කැඩූ සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.  

එම සැකකරුවන් සමෘද්ධි සංවර්ධන නිලධාරිනියකගේ රුපියල් ලක්ෂ 2ක් පමණ වටිනා රන් මාලයක් සහ පෙන්ඩනයක් කොල්ල කා තිබුණි.

ඔවුන් දෙදෙනාව ජූලි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් කේ. පී. ආර්. එල්. විදානගමගේ මහත්මිය ඊයේ (29) නියෝග කළාය.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

සැකකරුවන් විසින් සිදුකරන ලද තවත් අපරාධ තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කර එහි ප්‍රගතිය මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්තුමිය පොලීසියට දැනුම් දුන්නාය.