වැඩබලන නීතිපති දිවුරුම්දීම හෙට

වැඩබලන නීතිපති දිවුරුම්දීම හෙට

June 30, 2024   01:10 pm

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා ලෙස හෙට (01) දිවුරුම්දීමට නියමිතව තිබේ.

අගවිනිසුරුවරයා ඉදිරියේ තමා වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම්දෙන බව "අද දෙරණ" කළ විමසීමකදී පාරින්ද රණසිංහ මහතා පැවසීය.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතාගේ ධුර කාලය පසුගිය 26 වනදායින් අවසන් වීම හේතුවෙන් නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.

ඒ අනුව, ජනාධිපතිවරයා විසින් වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කිරිමට පියවර ගෙන තිබේ.

ඒ මහතා නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඉදිරියේ දී ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකිරීමට නියමිතය.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ. ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු වෙයි.