මගීන්ගේ ජීවිත බේරූ රියදුරු

මගීන්ගේ ජීවිත බේරූ රියදුරු

June 30, 2024   11:28 am

බලන්ගොඩ සිට මහනුවර දක්වා ධාවනය කරවමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක පසුපස රෝදවල ඇණ බුරැල්විම හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට බස් රථයේ රියදුරා සමත්වී තිබේ.

එම අවස්ථාවේ බස් රථයේ මගීන් 100කට ආසන්න පිරිසක් ගමන්කර තිබුණි.

බලන්ගොඩ ඩිපෝවට අයත් එම බස් රථයේ රියදුරු ලෙස අජිත් කුමාර මහතා කටයුතු කර ඇති අතර ඔහුගේ දක්ෂතාවය හේතුවෙන් සිදුවන්නට ගිය අනතුර වළක්වා ගෙන තිබූ බව අප වාර්තාකරු පැවසීය.

අද උදැසන  6.50ට පමණ මහනුවර බලා බලන්ගොඩ නගරයෙන් එම බස් රථය පිටත්ව ගොස් තිබේ. 

රෝදවල ඇතිවූ ඇති වු දෝෂයත් සමග බස් රථය, රියදුරුගේ පාලනයෙන් ගිලිහී යෑමට පටන් ගෙන තිබූ අතර එහිදී රියදුරු බස් රථය නතර කරගෙන තිබුණි.

පසුව ඔහු රෝද පරීක්ෂාකර ඇති  අතර එහිදී නිරීක්ෂණය වී ඇත්තේ පසුපස රෝදවල ඇණ බුරැල් වි  ඇති බවයි.