මල්ශාලා හිමිකරු ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

මල්ශාලා හිමිකරු ඝාතනයේ සැකකරුවෙක් අත්අඩංගුවට

June 28, 2024   08:22 pm

පසුගියදා අම්බලන්ගොඩ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය රථයක් තුළදී මල්ශාලා හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ගෝලයෙක් වන බවත් ඔහු සන්තකයේ තිබී තියුණු ආයුධයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු පොලීසියට පාපොච්චාරණය කරමිස් පවසා ඇත්තේ, තම බිරිඳ සමඟ පැවති අනියම් සම්බන්ධයක් හේතුවෙන් මල්ශාලා හිමිකරු සමග අවස්ථා කිහිපයකදීම බහින්බස් වීම් සිදුවූ බවය.