අධිකරණයට රැගෙන ආ රැඳවියන් පළායයි

අධිකරණයට රැගෙන ආ රැඳවියන් පළායයි

June 28, 2024   07:01 pm

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් නීති කෘත්‍යක් සඳහා අද (28) වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන යමින් සිටියදී බන්ධනාගාර නිලධාරින් තල්ලුකර පළාගොස් තිබේ.

මෙම සැකකරුවන් මාංචු සමඟ පළාගොස් ඇති අතර ඔවුන් සොයා වරකාපොළ පොලීසිය විමර්ශන සිදුකරයි.

එක් සැකකරුවකු ගෝනපොළ පදිංචි රොෂාන් අසංක කන්දප්පා නමැති අයෙක් වන අතර අනෙක් සැකකරු හොරණ දවුලගලවත්ත පදිංචි ජේ.ඩී.චන්න ප්‍රබෝද නමැති අයෙකි.

සැකකරුවන් අවුරුදු 24 සහ 29 වයස්වල පසු වන බව සඳහන් වේ.

මෙම සැකකරුවන්ට පැල්මඩුල්ල, අත්තනගල්ල, හොරණ සහ වරකාපොළ යන අධිකරණවල නඩු රාශියක් ඇති බව සඳහන් වේ.

පොලීසිය පැවසුවේ සැකකරුවන් සේවීමේ විමර්ශන සඳහා පොලිස් සුනඛයින්ගේ ද සහාය මේ සඳහා ලබා ගත් බවයි.