ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක් - 15ක් මරුට

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක් - 15ක් මරුට

June 17, 2024   01:42 pm

ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 60 දෙනෙක් පමණ තුවාල ලබා තිබේ.

ඩාර්ජිලින්ග් දිස්ත්‍රික්කයේදී මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මගී ප්‍රවාහන අධිවේගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක්.

අනතුරට ලක්වූ කන්චන්ජුන්ගා අධිවේගී දුම්රිය ඇසෑම් හි සිල්චාර් හි සිටි කොල්කටා බලා ධාවනය වෙමින් පැවතියේය.

රන්ගාපානී දුම්රිය ස්ථානය ආසන්නයේදී මගී ප්‍රවාහන දුම්රිය පසුපසින් පැමිණි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය එහි ගැටී අනතුර සිදුව තිබිණි.

අනතුරින් පසුව දුම්රිය දෙකම පීලිපැන ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් 60කට වැඩි පිරිසක් රෝහල්ගත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

අනතුරට හේතුවූ නිශ්චිත කරුණු මෙතෙක් අනාවරණ වී නොමැත.