අල්ලස් ගත් ග්‍රාම නිලධාරීවරයෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් ග්‍රාම නිලධාරීවරයෙක් අත්අඩංගුවට

June 26, 2024   01:43 pm

මහනුවර, හීරැස්සගල ප්‍රදේශයේ අල්ලස් ලබාගත් ග්‍රාම නිලධාරීවරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ග්‍රාම නිලධාරීවරයා ඉඩම් ගැටලුවක් විසඳීම සඳහා කාන්තාවකගෙන් රුපියල් 25,000ක මුදලක් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් අදාළ කාන්තාව කොමිසමට පැමිණිලි කර ඇත.

ඒ අනුව ඊයේ (25) විමර්ශන නිලධාරීන් විසින් අල්ලස් මුදල ලබා දෙන අවස්ථාවේදී ම ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවටගත් ග්‍රාම නිලධාරීවරයා ලබන මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර අධිකරණය නියෝග කර ඇත.