G7 නායකයින් ගත් දැඩි තීරණය
සයුරෙන් එතෙර

G7 නායකයින් ගත් දැඩි තීරණය

June 16, 2024   01:16 pm

ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවේදී චිනය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් G7 නායකයින් කළ සාකච්ඡාවලදී චීනයට ද චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව රුසියාවට ආයුධ ලබාදීම නවත්වන ලෙස G7 නායකයින් චීනයට පවසා ඇත.

චීනයට පවසා ඇත්තේ වෙළෙඳාම පිළිබඳ නීති රීති අනුව කටයුතු කරන ලෙසය.

රුසියාවට චීනය සහාය ලබාදීම යුක්‍රේන යුද්ධය තීව්‍ර කිරීමට හේතුවී ඇති බවද ඔවුන් පවසා තිබේ.