රුසියාවේ ගැටලුවට ජනපතිගෙන් හදිසි උපදෙසක්
May 16, 2024 10:55 am
හැකි තරම් ඉක්මනින් ධූත පිරිසක් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.
අද (16) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු තානාපතිවරයෙකු ඇතුළු පිරිසක් නියෝජනය කරමින් එම ධූත පිරිස යැවීමට ජනාධිපතිවරයා උපෙදස් දුන් බවය.
රුසියාවට ගිය පුද්ගලයින්ගේ තොරතුරු එක් කිරීම සඳහා මේ වනවිට ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ෂෙණික දුරකථන අංකයක් ද ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රුසියානු යුක්රේන යුද්ධය සඳහා අනීතිකව ගොස් සිටි ශ්‍රී ලාංකිකන් 16 දෙනෙකු මියගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ, යුද්ධයට එක් වූ ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැමිණිලි 288ක් මේවන විට ලැබී ඇති බවය.
මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේ, රුසියානු යුක්රේන යුද්ධයට ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවය.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ, රජයේ අවශ්‍යතාවය මත තමාට මෙම රණවිරුවන් ගෙන්වා ගැනීමට මැදිහත් විය හැකි බවය.