ජපන් විදේශ අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

ජපන් විදේශ අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

April 29, 2024   01:59 pm

ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී ඇය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම නිල සංචාරයට එක් වෙති.