කාන්තා ක්‍රිකට් නඟාසිටුවන්න මහේල ඉදිරියට

කාන්තා ක්‍රිකට් නඟාසිටුවන්න මහේල ඉදිරියට

April 26, 2024   10:11 pm

පිරිමි පාසල් ක්‍රිකට් පද්ධතිය මෙන්ම කාන්තා පාසල් ක්‍රිකට් පද්ධතිය ව්‍යාප්ත කිරීම සඳහා සම පහසුකම් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා පවසයි.

ඒ, කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වූ නාලන්දා විද්‍යාලීය 88 කණ්ඩායම මෙහෙයවන මහේල සංගා අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගයට ප්‍රධාන අරාධිතයා ලෙස එක්වෙමිනි. 

"පිරිමි පාසල් ක්‍රිකට් වගේම කාන්තාවන්ටත් පාසල් ක්‍රීඩා පද්ධතියක් ඒ සමව අපි ව්‍යාප්ත කරන්න ඕනේ. මොකද අපිට අවශ්‍යයි ඉදිරියේ දී ක්‍රීඩිකාවන් ජාතික තලයට එන එක..." 

අබුඩාබිහි පැවැත්වෙන කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තායිලන්තය සමග පැවති තරගය ලකුණු 67කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල ඊයේ (25) සමත්වුණි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 122ක් රැස් කිරීමට සමත් වූ අතර එම ඉලක්කය හඹාගිය තායිලන්ත කාන්තා පිලට පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 55ක් පමණයි.