මැදිහත්කරුවෙක් වෙන්නැයි සජබයෙන් නීතිඥ සංගමයට ඇරයුමක්

මැදිහත්කරුවෙක් වෙන්නැයි සජබයෙන් නීතිඥ සංගමයට ඇරයුමක්

April 26, 2024   04:56 pm

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබේ.

ලිපියක් භාරදෙමින් සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලීන් බණ්ඩාර මහතා මෙම ඉල්ලීම සිදුකර ඇත.

මෙවැනි විවාද සංවිධාන කිරීම හා සහ සම්බන්ධීකරණය පිළිබඳ ජාත්‍යන්තරව ඇති පුර්වාදර්ශ ද සැලකිල්ලට ගනිමින් මෙම සම්බන්ධීකරණය සහ අනෙකුත් විධිවිධාන සැලසීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට එලෙස ආරාධනා කර ඇත.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ලිපිය පහතින් දැක්වේ.