ලකුණු බිංදුවට කඩුලු 7ක් බිඳහෙලා තැබූ T20 වාර්තාව

ලකුණු බිංදුවට කඩුලු 7ක් බිඳහෙලා තැබූ T20 වාර්තාව

April 26, 2024   02:34 pm

ජාත්‍යන්තර 20යි 20 තරගයකදී ලකුණු බිංදුවට කඩුලු 7ක් දවාගනිමින් ලෝක වාර්තාවක් තැබීමට ඉන්දුනීසියාවේ ක්‍රීඩිකාවක් සමත් වී ඇති බව වාර්තා වෙයි.

17 හැවිරිදි රෝමාලියා මෙම වාර්තාව තබා ඇත්තේ බාලි හි මොන්ගොලියාවට එරෙහිව පැවති කාන්තා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදීය.

එහිදී පන්දු ඕවර 3.2ක් යැවූ ඇය කිසිදු ලකුණක් ලබා නොදී කඩුලු 7ක් දවා ගත්තාය.

මෙම තරගය ඇයගේ මංගල විස්සයි විස්ස තරගය වෙයි.
  
මීට පෙර එම වාර්තාවට හිමිකර ගෙන සිටියේ නෙදර්ලන්තයේ Frederique Overdijk සහ ආර්ජන්ටිනාවේ Alison Stocks නම් ක්‍රීඩිකාවන් දෙදෙනෙකි.

Frederique 2021 වසරේදී ප්‍රංශය ට එරෙහිව ලකුණු 3කට කඩුලු 7ක් දවාගෙන තිබුණි. මේ අතර Stocks පේරු කණ්ඩායමට එරෙහිව 2022දී එම වාර්තාව සම කළාය.