පූජ්‍ය උලපනේ හිමි ඇතුළු පිරිසට ඇප

පූජ්‍ය උලපනේ හිමි ඇතුළු පිරිසට ඇප

April 26, 2024   10:47 am

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 

ඒ අනුව සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 04දෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර අප මත මුදාහැරීමටත් තවත් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටත් නියෝග කෙරුණි. 

මෙහිදී පූජ්‍ය උලපනේ සුමංගල හිමි වෙත විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ට අවවාද කළේය.

නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග මත ඉවත් කිරීමට යාමේදී ඊට බාධා කරමින් විරෝධය පෑ බවට සුමංගල හිමියන් ඇතුළු පිරිසට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.