මහරගම කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

මහරගම කාණුවක තිබී පාස්පෝට් තොගයක් හමුවෙයි

May 6, 2024   02:44 pm

මහරගම ප්‍රදේශයේ කාණුවක තිබී විදේශ ගමන් බලපත්‍ර තොගයක් දමා තිබූ බෑගයක් හමුව තිබේ.

සිදුකළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය විදේශ රැකියා ආයතනයකින් විදේශගත කරන බව පවසා ලබාගත් විදෙස් ගමන්බලපත්‍ර 180ක් එලෙස බෑගයේ තිබූ බවය.

රුපියල් කෝටි 26කට ආසන්න මුදලක් අදාළ පුද්ගලයා වංචා කර ඇති අතර ඔහු මේ වනවිට පළාගොස් තිබේ.